Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ උපන් අයෙක් කැනඩාවේ මහ මැතිවරණයට




ශ්‍රී ලංකාවේ උපත ලැබූ අයෙකු වන ධර්මසේන යකන්දාවල ලබන 20 වනදා පැවැත්වීමට නියමිත කැනඩාවේ මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. 

ඒ, කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් “ඇබට්ස් ෆෝඩ්” ඡන්ද කොට්ඨාසය සදහායි. 2006 වසරේදී ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල මෙරටදී අධිකරණ විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. 

තමන් කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලාංකේය කැනේඩියානුවන් වෙනුවෙන්ද යම් සේවාවක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවයි ධර්මසේන යකන්දාවල නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ අතර යාපනයේ උපත ලැබූ කම්සාජිනී ගුණරත්නම් නෝර්වේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. 

ඒ, ඉකුත් 12 වනදා පැවති එරට පාර්ලිමේන්තු මැතිවරණයට නෝර්වේ කම්කරු පක්ෂයෙන් තරඟ කරමින්. 

කම්සාජිනී ගුණරත්නම් 2015 වසරේදී නෝර්වේහි අගනුවර වන ඔස්ලෝහි නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙසද තේරී පත් වුණා.