Wednesday, April 24, 2024

General line - 0115112241

ස්පුට්නික් -V න්නත් මාත්‍රා 120,000ක් ලබන සඳුදා දිවයිනට




තවත් ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 120,000 ක් එළඹෙන සඳුදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ස්පුට්නික් - වී පළමු එන්නත ලබාදුන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම එන්නත් ලබා දීමට නියමිත බවයි සෞඛ්‍ය අමාතයංශය සඳහන් කළේ. 

එමෙන්ම එම එන්නත් තොගය ලැබීමත් සමඟ මෙරට  ස්පුට්නික් - වී එන්නතෙහි පළමු මාත්‍රාව ලැබූ සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කළ හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ලැබීමට නියමිත ස්පුට්නික් - වී එන්නත් මාත්‍රා තොගය දින 03 ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කරන බවත්, ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ 150,000 ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදුන් අතර එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් - වී එන්නත් 30,000 ක් අවස්ථා 02 කදී ලබාදී තිබෙනවා.