Friday, April 19, 2024

General line - 0115112241

මෙරට කොරෝනා ආසාදිතයින් අතරින් කලු දිලීර රෝගීන් හදුනා ගැනේ




මෙරට කොරෝනා ආසාදිතයින් අතරින් කලු දිලීර රෝගය ආසාදිත රෝගීන් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොළඹ, කුරුණෑගල සහ රත්නපුර රෝහල්වලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් එම කලු දිලීර රෝගය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළේ.