Thursday, March 28, 2024

General line - 0115112241

රනිල් ඇතුලු පිරිසකට වාරණ නියෝගයක්




එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීම හේතුවෙන් මතුවන පුරප්පාඩු සඳහා වෙනත් පුද්ගලයින් පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුලු පිරිසකටයි. 

අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව ලබන 29 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.