Friday, March 29, 2024

General line - 0115112241

වැඩිහිටි සහ අවදානම් කාණ්ඩයේ පුද්ගලයින්ට කොවිඩ් බූස්ටර් එන්නතක් ලබාදීම සුදුසුයි




කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් සහිත වයස අවුරුදු 65ට ඉහළ පුද්ගලයින්ට සහ බරපතල ගණයේ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත තෙවන මාත්‍රාවක් (බුස්ටර් එන්නතක්) ලෙස ෆයිසර් එන්නත ලබාදීම යෝග්‍ය බවට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් තහවුරු කර ඇති බව අමෙරිකානු වෛද්‍ය විද්‍යාලය නිවේදනය කර සිටිනවා.

ෆයිසර් එන්නත බූස්ටර් එන්නතක් ලෙස ලබාදීම සඳහා යෝග්‍ය කාණ්ඩ වශයෙන් වයස අවුරුදු 65ට වැඩි වැඩිහිටි පුද්ගලයින්, බරපතල ගණයේ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු කොවිඩ් වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින් සඳහා ද ලබාදීම යෝග්‍ය බවයි අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරියේ එන්නත් සම්බන්ධයෙන් වන උපදේශක කමිටුව තහවුරු කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව විසින් සිදුකරන ලද පර්යේෂණ වාර්තාවක් අනුව වැඩි අවදානමක් සහිත පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම තුලින් වෛරසයට ඔවුන් ගොදුරු වීමෙන් ඇතිවන දැඩි සංකුලතා වැළැක්වීම සම්බන්ධයෙන් වූ කරුණු පදනම් කර ගනිමින් මෙලෙස වැඩි අවදානම් සහිත පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ වැදගත්කම අමෙරිකාවේ ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් සිය සැලකිල්ලට ගෙන ඇත.

දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 7-9ත් අතර කල සීමාවක් ගතවීමෙන් අනතුරුව කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් වෛරසයෙන් ආරක්ෂාවීමේ වැඩි ඉඩකඩක් ලබාදෙන බවයි පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත්තේ.