Saturday, April 20, 2024

General line - 0115112241

කැනඩා මහ මැතිවරණයෙන් අගමැති ටෲඩෝගේ ජය තහවුරු වෙයි




ජස්ටින් ටෲඩෝ 03 වන වරටත් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඒ, එරට පැවැති මහ මැතිවරණයෙන් ටෲඩෝ නියෝජනය කරන පාලක ලිබරල් පක්ෂය ජය ගැනීමත් සමගයි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය ටෲඩෝගේ ලිබරල් පක්ෂය සමත් වී නැහැ. 

කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට නම් මන්ත්‍රී ආසන 338 න් ආසන 170 ක බලය හිමිකර ගත යුතු වනවා. එහෙත් අග්‍රාමාත්‍ය ටෲඩෝගේ නායකත්වයන් යුත් කැනඩාවේ පාලක ලිබරල් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 158 ක් පමණයි. කැනඩාවේ විපක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 122 ක්. 

අග්‍රාමාත්‍ය ටෲඩෝ විසින් මෙවර මහ මැතිවරණය පැවැත්වුයේ එරටට සිව්වන කොරෝනා රැල්ලක බලපෑමක් එල්ල වී තිබූ පසුබිමක් තුළයි. අර්බුද රැසක් මැද අමෙරිකානු ඩොලර් මිලියන 470 ක වියදමෙන් ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අගමැති ටෲඩෝට විචේචන ද එල්ල වුණා. 

කෙසේවෙතත් ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මෙම අර්බුද හමුවේ ටෲඩෝ සිව්වන වරටත් කැනඩාවේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම මෙන්ම ඉදිරියටත් ලිබරල් පක්ෂයේ නායකත්වය දැරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.