Wednesday, April 24, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීමට අවධානය




ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව අද රැස්වීමට නියමිතයි. 

ඒ පිළිබඳව කරුණු දැක්වූ අධිකරණ අමාත්‍යංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

නීතිපති දෙපාර්තමේන්තුවේ, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කඩිනම් තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.