Thursday, March 28, 2024

General line - 0115112241

තලෙයිබාන් සංවිධානය ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට අවස්ථාව ඉල්ලයි




එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට අවස්ථාවක් ලබාදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය පත් කළ නව රජයේ විදේශ අමාත්‍යවරයා විසින් එම ඉල්ලීම කර ඇති බවයි. 

පසුගිය මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් බලයෙන් පහ කරන ලද ඇෆ්ගනිස්තාන රජයේ තානාපතිවරයා ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට මීට පෙර අවස්ථාවක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව මෙම සමුළුවේදී ඇෆ්ගනිස්තානය නියෝජනය කරන්නේ කවුරුන්දැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවමත් තීරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් රැසක නායකයින් මෙවර සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.