Saturday, April 20, 2024

General line - 0115112241

වීරකැටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට




වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී 14 හැවිරිදි දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වීරකැටිය පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළෑබද ප්‍රදේශයක සැඟව සිටියදීයි. 

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු ද එම ස්ථානයේදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඝාතනයට යොදාගත් ගිණි අවිය සහ තවත් ගිණි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.