Saturday, April 20, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සිදුවූ සුවිශේෂී දෙයක් ගැන මාධ්‍යවේදීන්ගේ අවදානය ( PHOTO/VIDEO)




ක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ ආරම්භ කෙරුණා.

කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව තකා සමුළුව තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමෙන් පසු මයික්‍රෝෆෝනයේ හිස කොටස (Microphone Head) මාරු කිරිමට පියවර ගෙන තිබෙනවා.

මයික්‍රෝෆෝනය ආවරණය වන පරිදි කළු පැහැති කුඩා බෑගයක් මගින් ආවරණය කොට ඇත.

සෑම රාජ්‍ය නායකයෙකුම සිය කතාව සිදුකිරිමෙන් අනතුරුව අදාළ මයික්‍රෝෆොනයේ හිස කොටස ආවරණය කර ඇති කළු පැහැති 
කුඩා බෑගය මාරු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය අවම කර ගැනීමට මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය ආයතන සඳහන් කළේ.

එක් විදෙස් මාධ්‍යවේදියෙකු මෙම ක්‍රියාව හඳුන්වා තිබුණේ " කොවිඩ් ව්‍යාප්තියත් සමග, මයික්‍රෝෆෝන් සඳහා කුඩා කොන්ඩමයක් හඳුන්වා දී ඇතැයි" යනුවෙන්ය.

කොවිඩ් වෛරසයේ බලපෑම මත නව සාමාන්‍යකරණයකට ලෝකයා ගමන් කරමින් සිටින පසුබිමක මෙවර රාජ්‍ය නායක සැසිවාරය සඳහා ලොව ඇතැම් රාජ්‍ය නායකයින් සෘජුව සම්බන්ධ නොවන අතර, ඔවුන්ගේ කථාව වීඩියෝ පටිගත කිරීමක් තුලින් විකාශනය කිරිමට කටයුතු යොදා තිබෙනවා.