Friday, March 29, 2024

General line - 0115112241

කෙරවලපිටිය ගැන සාකච්ඡාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් අද අගමැති හමුවෙයි




පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

වත්මන් දේශපාලන තත්ත්වය සහ යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි මහගමසේකර මාවතේ පිහිටි නිවසේදී ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවත්ද සිදු කර තිබුණා. 

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.