Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක් 




ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න පත්කර තිබෙනවා. 

සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව බව සඳහන් කළේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මීට පෙර  මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. 

ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරිත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවන්ට අනුව කාලයෙන් කාලයට වෙනස් වන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.