Tuesday, April 16, 2024

General line - 0115112241

ව්‍යාජ ගමන් බලපත්‍රයක් පෙන්වා ඉතාලි යාමට තැත් කළ අයෙක් කටුනායකදී අත්අඩංගුවට

ටී.කේ.ජී.කපිල - කටුනායක




ව්‍යාජ තොරතුරු ඇතුලත් ලේඛණ ඉදිරිපත් කර ඉතාලිය බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන්තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි හරහා ඉතාලියට පැන යාමට සැකකරු උත්සහ දරා ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු බවද හෙළිවී තිබෙනවා.