Tuesday, April 23, 2024

General line - 0115112241

මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 878ක් හඳුනා ගැනේ




තවත් කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු අද දිනයේ මෙරටින් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන පන් ලක්ෂ 8,208 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. ඒ අතරින් පුද්ගලයින් හාර ලක්ෂ 35,022 ක් සුවය ලබා තිබෙනවා.

 නිවෙස්ගතව හෝ රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 60,810 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ කොවිඩ් මරණ 92 ක් අද දිනයේ වාර්තා වුණා. ඒ අතරින් 71 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්. වයස අවුරුදු 30 ත් 59 ත් අතර 19 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් මියගිය පිරිස අතර වනවා.