Tuesday, April 23, 2024

General line - 0115112241

පාසල් ආරම්භ කිරීමට සාකච්ඡා 




සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී පාර්ශව කිහිපයක් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ පාසැල්වල අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිසුන් 200 ට අඩු පාසැල් කඩිනමින් විවෘත කිරීමට ගුරුවරුන්ගේද සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පළමුව උසස් පෙළ සිසුන් එන්නත්කරනු ඇති.