Thursday, April 25, 2024

General line - 0115112241

ගෝලීය වායු දූෂණය වඩාත් භයානක වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි 




මීට පෙර අපේක්‍ෂිත තත්ත්වයට වඩා ගෝලීය වායු දූෂණය වඩාත් භයානක වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

එම සංවිධානය පවසන්නේ වායු දූෂණය හා සම්බන්ධ විවිධ රෝග හේතුවෙන් වාර්ෂිකව අකාලයේ මිය යන සංඛ්‍යාව මිලියන 7 ක් පමණ වන බවයි. මීට පෙර අපේක්‍ෂිත තත්ත්වයට වඩා විෂ වායු සහ අංශු වැඩිවීමත් සමග මිනිසුන්ගේ සෞඛ්‍යයට හානි කරන බවද ඔවුන් පවසනවා. 

අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් රටවල් මේ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවත් ආර්ථික සංවර්ධන ඉලක්ක වෙනුවෙන් පොසිල ඉන්ධන මත යැපීම ඊට ප්‍රධාන හේතුවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවේ සදහන්. 

ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුව වනවිට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර අහිතකර වායු විමෝචනය අඩු කර ගැනීමට වහා පියවර ගත යුතු බවයි එහි සාමාජික රටවල් 194ට ලෝක සෞඛ්‍ය සංවිධානය බලකර සිටින්නේ. 

දුම් පානය මෙන්ම සෞඛ්‍යයට අහිතකර ආහාර රටාද මිනිස් ජීවිතයට දැඩි ලෙස බලපා ඇති බව නවතම වාර්තාවේ සදහන්. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ නවතම මාර්ගෝපදේශවල මට්ටමට වායු දූෂණය අඩු කලහොත් සිදුවන මරණවලින් සියයට 80 ක් වළක්වා ගත හැකි බවයි.