Saturday, April 20, 2024

General line - 0115112241

ණය සීමා වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාව තවත් අවදානමක




2020 අංක 07 දරණ විසර්ජන පනත මඟින් අනුමත කර ඇති රුපියල් බිලියන 2,997 ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීම සඳහා ගෙන ඇති තීරණය අනුව ණය ලබාගැනීමේදී රජය ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතු බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ පවතින තත්ත්වය යටතේ තවදුරටත් මුදල් අච්චු ගැසීම සුදුසු තත්ත්වයක් නොවන බවයි.

අදාළ ණය ප්‍රමාණය දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ලබා ගත්තද උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම වැනි තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිහ පැවසුවේ.

2020 අංක 07 දරණ විසර්ජන පනත මඟින් 2021 වසරට අනුමත කර ඇති ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 2,997 ක්. නව තීරණයත් සමග එම සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කරනු ඇති. ඒ අනුව 2021 වසරට අපේක්‍ෂිත ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,397 ක් දක්වා ඉහළ යනු ඇති.