Thursday, March 28, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි




දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.