Thursday, April 25, 2024

General line - 0115112241

සඟවා තිබූ වියළි කහ හා එනසාල් තොගයක් සොයා ගැනේ




ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මෙරට බෙදාහැරීමට සුදානම් කර සඟවා තිබු වියළි කහ හා එනසාල් තොගයක් පුනරීන්, වෙට්ටුකාඩු ප්‍රදේශයේ සොයාගෙන තිබෙනවා.

 ඒ, යුධ හමුදා බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත පුනරීන් පොලිස් නිළධාරීන් හා යුද හමුදා නිළධාරීන් එක්ව සිදුකළ වැටලීමකදීයි. 

එහිදී වියළි කහ කිලෝග්‍රෑම් 2,015 යි ග්‍රෑම් 600 ක් හා එනසාල් කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 100 ක් සොයාගෙන තිබෙනවා. වැටලීමේදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පුනරීන් පොලීසිය පැවසුවේ.