Thursday, March 28, 2024

General line - 0115112241

කෙරවලපිටිය ගැන තීරණයක් ගන්න ආණ්ඩුවේ පක්‍ෂ නායකයෝ අද යළි එක්වෙති




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේදී සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම සාකච්ඡාව අද දිනයට කල් ගිය බව පසුව වාර්තා වුණා.

මෙලෙස හදිසියේ පක්‍ෂ නායකයින්, අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතව ඇත්තේ කෙරවළපිටිය බලාගාරයේ ගෑස් නළ පද්ධතිය හා ගබඩා සංකීර්ණය ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොරව අමෙරිකානු සමාගමකට ලබාදී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන ක්‍ෂේත්‍රයේ ආන්දෝලනයක් මතුව ඇති සමයකයි. මේ සම්බන්ධයෙන්ද අද දිනයේ පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමුකරනු ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. 

ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවති අතර එහිදීද කෙරවළපිටිය බලාගාරයේ ගිවිසුම පිළිබද සාකච්ඡා වී තිබුණා. ඊට එක් වූ පක්‍ෂ නායකයින් එදින පැවසුවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

 මේ, එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් ඉකුත්දා විමසීමක් කළ අතර ඔහු එහිදී දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

කෙරවළපිටිය බලාගාරයේ සියයට 40 ක කොටස් අමෙරිකානු සමාගමකට ලබාදෙන්නේ නම් ඊට දැඩිව විරෝධය පළ කරන බව ලංකා විදුලිබල ඉංජිනේරුවරුන් දැනටමත් පවසා අවසන්. 

කෙසේවෙතත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඊයේ ප්‍රකාශ කළේ රජය සහ අදාළ සමාගම් සමග සංකල්පමය එකඟතාවකට පමණක් පැමිණ ඇති බවයි. 

කෙසේවෙතත් කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ සියයට 40 ක කොටස් හිමිකර ගැනීම සදහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකානු නිව් ෆෝටේ‍රස් එනජි සමාගම පවසා තිබෙනවා.