Friday, March 29, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා ගත් පිරිස ගැන බ්‍රිතාන්‍යයෙන් තීරණයක්




ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අනුමත එන්නතක් බව දන්වමින් බ්‍රිතාන්‍යය සිය විදේශ සංචාරක මාර්ගෝපදේශමාලාව යළි සංශෝධනය කර තිබෙනවා. මෙම එන්නත පිළිගැනීමට බි්‍රතාන්‍ය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග ඉකුත්දා ඉන්දියාව පුරා දැඩි විරෝධයක් මතු වුණා. 

ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවේ බහුලව භාවිත කළ එන්නත වන අතර මේ දක්වා ඉන්දීය ජාතිකයින් මිලියන 721 කට වැඩි සංඛ්‍යාවක් මෙම එන්නත ලබාගෙන තිබෙනවා. 

ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක්ද මේ වනවිටත් භාවිත කර අවසන්. 

කෙසේවෙතත් බි්‍රතාන්‍ය අද නිල වශයෙන් නිවේදනය කළේ විදේශීය සංචාරකයින් සදහා ඇස්ට්‍රාසෙනිකා එන්නතද පිළිගත් එන්නතක් බවයි. 

කෙසේවෙතත් සංශෝධිත නව මාර්ගෝපදේශ මාලාව තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින් දින 10 ක් බි්‍රතාන්‍ය තුළ ස්වයං නිරෝධායනයට ලක් විය යුතු දැයි කිසිවක් සදහන් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.