Saturday, April 20, 2024

General line - 0115112241

දවසකට ප්‍රතිඵල 7,000 ක් එන PCR පරීක්‍ෂණාගාරයක් කටුනායකට

ටී කේ ජී කපිල




එන්නත් දෙකම ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්, කටුනායක ගුවන් තොටුපොලේදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණය ඍණාත්මක නම් ඔවුන්ට තම සංචාරය ආරම්භ කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ, ස්ථාපිත නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය අද විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අති නවීනතම වෛද්‍ය උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500 ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් පවතිනවා. 

දිනක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාව එය සතුයි. මෙරට මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. මෙම වෛද්‍ය පරීක්ෂණාගාරයේ වැඩකටයුතු එළඹෙන 25 වැනි සෙනසුරාදා සිට ආරම්භ වන අතර, එතැන් සිට විදේශීය සංචාරකයන්ට හෝටල් නිරෝධනය අවශ්‍ය නොවනු ඇති.