Thursday, April 25, 2024

General line - 0115112241

කල්ක්‍රියාව හොද සිරකරුවන්ට සහනයක්




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක නිරත වන සිරකරුවන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වැලිකඩ බන්ධනාගාරය වෙත අද පැමිණියා. 

සිරකරුවන් දස දෙනෙකු චැපල් වාට්ටුවේ වහලය මත නැග උපවාසයක නිරත වන්නේ දින කිහිපයක සිටයි. එහිදී අමාත්‍ය අලිසබ්රි පැවසුවේ යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන ලද සිරකරුවන් වෙනුවෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

සමාජයටද හානියක් නොවන පරිදි එවැනි සිරකරුවන්ට සහන සැලසීමට ක්‍රමවේදයක් සකස් කිරීම සදහා මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

කෙසේවෙතත් තවදුරටත් සිරකරුවන් කිහිප දෙනෙකු වහලය මත නැග විරෝධතාවයේ නිරත වනවා.