Friday, April 19, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් මන්ත්‍රීට ඇප




අත්අඩංගුවට ගැණුනු සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග නොතකමින් යාපනය, නල්ලූර් පිහිටි දිලීපන් ස්මාරකය අභියසදී දිලීපන් සැමරුමක් සිදුකිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයා අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනය පොලිසිය විසින්.  

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත නිදහස් කළ බවයි පොලීසිය පැවසුවේ. මෙවරද දිලිපන් සැමරුම් වැඩසටහන් ආරම්භ කරමින් ඉකුත් 15 වැනිදාද සැමරුම් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් කටයුතු කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 

...............................................

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට 

(23-09-2021 19:03)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, අධිකරණ නියෝග නොතකමින් යාපනය, නල්ලූර් පිහිටි දිලීපන් ස්මාරකය අභියසදී දිලීපන් සැමරුමක් සිදුකිරීමේ චෝදනාව යටතේයි. 

මෙවරද දිලිපන් සැමරුම් වැඩසටහන් ආරම්භ කරමින් ඉකුත් 15 වැනිදාද සැමරුම් වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් කටයුතු කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.