Thursday, April 25, 2024

General line - 0115112241

කෙරවලපිටිය ගිවිසුම ගැන ඇමති, දන්න තරම හෙළි කරයි




තමා දන්නා තරමින් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය විකුණා නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ මෙම ගිවිසුම මගින් රටට අහිතකර ප්‍රතිඵල අත්වන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසුවේ බලාගාරයේ කොටසක් වෙනුවෙන් ආයෝජනයක් සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණේ කෙරවළපිටිය බලාගාර ගිවිසුම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමේ අරමුණින්.