Friday, April 26, 2024

General line - 0115112241

මිථ්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත් කරන්න - විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති




මිථ්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණය සක්‍රීයව එක්වන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අද විශේෂ ඉල්ලීමක් සිදුකළා. හෙට ආරම්භ වන දරුවන් එන්නත් කිරීමේ වැඩසටහනේදී ප්‍රමුඛතාව හිමිවන්නේ දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12 - 19 ඛාණ්ඩයේ දරුවන්ටයි. 

එම කටයුතු හෙට ආරම්භ වන්නේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදීයි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී විජේසූරිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ ජනතාව දැනුවත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ.