Saturday, April 20, 2024

General line - 0115112241

රට විවෘත කරන ක්‍රමය ගැන ඉඟියක්




තුන්වන මාත්‍රාවක් ලබාදීම සදහා වුවද සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඒ සදහා නිර්දේශ ලද වහාම තුන්වන මාත්‍රාවක් ලබාදීමට හැකි බවයි.

එක් එක් රටවල්වලට ඇතුළුවීමේදී එක් එක් එන්නත් මාත්‍රා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

රට විවෘත කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් විමසීමක් කළා.

මෙහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සඳහන් කර සිටියේ සෞඛ්‍ය අංශයේ මතය නම් රට එකවර විවෘත කිරීමක් සිදුනොකල යුතු බවයි. රට නැවත විවෘත කිරීම සිදුකළ යුත්තේ පියවරෙන් පියවරට බවත්, එලෙස රට විවෘත කිරීමේදී ඇතිවන ගැටළු විසඳා ගෙන ඉදිරියට යාමට හැකියාව පවතින බවයි. නමුත් එකවර රට විවෘත කිරීමක් සිදුවුවහොත් ඒමගින් ඇතිවිය හැකි ප්‍රථිපලය අනතුරු දායක බවයි මෙහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.