Friday, April 19, 2024

General line - 0115112241

මෙරට පළමු වරට දරුවන් එන්නත් කිරීම ඇරඹේ




මෙරට පළමු වරට දරුවන් එන්නත් කිරීම අද ආරම්භ වනවා. ඒ යටතේ පළමුව එන්නත් කෙරෙන්නේ වයස අවුරුදු 12 ත් 19 ත් කාණ්ඩයේ පසුවන දීර්ඝ කාලීන රෝගාබාධවලින් පෙළෙන දරුවන්. එන්නත්කරණය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කිරීමට නියමිතයි. මෙහිදී දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

එන්නත ලබාදෙන සෑම දරුවෙකුම ළමා හා කායික රෝග විශේෂඥ වෛද්‍ය අධීක්‍ෂණයට යටත්ව එන්නත් කිරීම සිදුකරනු ඇති. එන්නත්කරණය රෝහල තුළදී පමණක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. 

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ දරුවන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණීමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහිතව දෙමව්පියන්ගේ ද අවසරය ඇතිව එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බවයි. 

එන්නත්කරණයෙන් පසුවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණය යටතේ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවන්ගේ සංකූලතා පිළිබද විමසිලිමත් වන බවයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සදහන් කළේ. නිවෙස්වලදී යම් සංකූලතාවක් ඇති වුවහොත් උපදෙස් ලබාගැනීම සදහා ඍජු දුරකතන අංකයක් හදුන්වාදීමටයි කටයුතු කර ඇත්තේ.

දරුවන් එන්නත් කිරීම කෙතරම් වැදගත්ද ? මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.

අද ආරම්භ වන මෙම වැඩපිළිවෙලට සමගාමීව ඉදිරි දිනවලදි සියළුම පළාත්, දිස්ත්‍රක් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියළු සැලසුම් විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව මේ වනවිට සකස් කර අවසන්.