Thursday, March 28, 2024

General line - 0115112241

වැඩවසම් යුගය සිහියට නැංවූ අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින්ගේ ප්‍රහාරයට ලොව නන් දෙසින් විරෝධය




හයිටි සරණාගතයින් පිරිසකට අමෙරිකානු දේශසීමා ආරක්ෂකයින් විසින් කසපහර එල්ලකර පළවා හරිනු ලැබීමේ සිද්ධිය මේ වන විට ජාතක්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. හයිටිය සඳහා වූ අමෙරිකානු විශේෂ නියෝජිතවරයාද හදිසියේ ඉල්ලා අස්වී ඇත්තේ එම කතාබහ වඩාත් තීවෘ කරමින්. 

අමෙරිකාවට ඇතුලුවීමේ අපේක්ෂාවෙන් අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව සමීපයේ කඳවුරු බැඳගෙන සිටින හයිටි සරණාගතයින් පිරිසකට දේශසීමා ආරක්ෂකයින් විසින් කසපහර එල්ලකර පළවා හරිනු ලැබ තිබුණා. විදෙස් මාධ්‍ය රැසක් අදාළ සිද්ධිය වාර්තා කර තිබුණේ වැඩවසම් යුගය යළිත් සිහිපත් කළ ක්‍රියාවක් ලෙස මෙය හුවා දක්වමින්. 

ඒ සමඟම හයිටිය සඳහා වූ අමෙරිකානු විශේෂ නියෝජිතවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කර ඇත්තේ භූමිකම්පාවකින් හා දේශපාලන අස්ථාවරත්වයෙන් පළා යන සංක්‍රමණිකයින්ට එරෙහිව අමෙරිකාව ගත් මෙම පියවර අමානුෂික බවයි. අපහාසාත්මක ලෙස ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ප්‍රකාශයට පත් කරමින් මෙම සිද්ධිය දැඩිව හෙළාදැක තිබෙනවා.

13,000 ක් තරම්වූ මෙම හයිටි සංක්‍රමණිකයින් දින කිහිපයක සිට පාලමක් යටට වී කල් ගෙවන්නේ සෙල්සියස් අංශක 38 ක් තරම්වූ ඉහළ උෂ්ණත්වයකට ද මුහුණ දෙමින්. ඔවුන්ට ආහාර සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ද මේ වන තෙක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.