Saturday, April 20, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 418 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 418 දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළදී නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 77,543 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

නිරෝධායන රෙගුලාසි කඩ කරමින් ගමන් කිරීමට පැමිණි වාහන 48 ක්ද ඊයේ දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13 ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී පුද්ගලයින් 1,822 දෙදෙනෙකු සහ වාහන 1,533 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී පුද්ගලයින් 312 ක් සමඟ වාහන  214 ක් ආපසු හරවා යැවීමට පොලීසිය පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.