Friday, April 19, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක කෙරවලපිටිය ගිවිසුම වෙනස් කරන්න හවුල්කාර පක්ෂ සූදානම්




කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම වෙනස් කර ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා කොමියනිස්ට් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රටට හිතකර වන පරිදි ගිවිසුම සංශෝධනය විය යුතු බවයි.

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා පැමිණි පසුවද සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ද පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් හවුල්කාර පක්ෂ නායකයින් දරන මතය සහ සෙසු අය දරන මතය අතර වෙනස්කම් ඇති බවයි. ඒ හේතුවෙන් හවුල්කාර පක්ෂ නායකයින්ගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපතිවරයාට භාරදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා ඇත්තේ වසර 15 ක් සදහා බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 250 ක ගිවිසුමකට යටත්වයි. අදාළ වසර 15 න් පසු එහි අයිතිය යළි ශ්‍රී ලංකා රජයට හිමිවීමට නියමිතයි.