Friday, March 29, 2024

General line - 0115112241

ICC විස්සයි විස්ස ලෝක කුසලාන තේමා ගීතයේ දී ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම




ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් අමිහිරි පරාජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ සිදු වුණා. ඒ, කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හමුවේයි. අයිපීඑල් දෙවන අදියර යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව ලැබූ දෙවන පරාජය මෙයයි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනට අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 06 වන ස්ථානය දක්වා පහත වැටුනා. 

මේ අතර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් නිර්මාණය කළ නිළ තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වන විට එළිදක්වා තිබෙනවා.

 ද්විමාන සහ ත්‍රිමාන තාක්ෂණයෙන් තේමා ගීතයට අදාළ වීඩියෝව නිර්මාණය කර ඇති අතර ඉන්දිය නායක විරාත් කෝලි, කොදෙව් නායක කිරන් පොලාඩ්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් හා ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් කාන්ගේ රුව එහි ඇතුලත්.

එමෙන්ම ඉන්දියාවේ මුම්බායි, නවසීලන්තයේ ඕක්ලන්ඩ්, කොදෙව් දූපත්හි ජැමෙයිකා හා පාකිස්තානයේ කරච්චි යන නගර කේන්ද්‍ර කර ගනිමින් වීඩියෝව සජීවීකරණය කර තිබෙනවා. 

කෙසේ වෙතත් මීට පෙර පැවති ලෝක කුසළාන තේමා ගීතවලට ඇතුලත් වූ ශ්‍රී ලංකාවේ නාමයක් හෝ ක්‍රීඩකයෙකු හෝ මෙවර තේමා ගීතයට ඇතුලත්ව නොමැතිවීමද විශේෂත්වයක්.

ICC විස්සයි 20 ලෝක කුසලාන නිල තේමා ගීතය පහතින් නරඹන්න.

https://www.icc-cricket.com/news/2265678