Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ ඉතිහාසය අළුතින් ලියවෙයි




අමෙරිකාවට මිනිසුන් සංක්‍රමණය වූ කාල වකවානුව සම්බන්ධයෙන් නවතම පරීක්ෂණයකින් තොරතුරු හෙළිවී තිබෙනවා. ඒ අනුව මේ වන විට අනුමාන කෙරෙන කාලයට වඩා වසර 7,000 කට පෙර මිනිසුන් අමෙරිකාවට පැමිණ ඇති බවටයි පැවසෙන්නේ. 

මෙම අනාවරණය සිදු කර ඇත්තේ මෙක්සිකෝවට ආසන්න ප්‍රදේශයකින් නොගැඹුරු විලක සීමාවේ තිබී පා සලකුණු කිහිපයක් අලුතින් සොයාගැනීමත් සමඟයි.

මීට වසර 16,000 කට පෙර උතුරු අමෙරිකානු ප්‍රදේශයට මිනිසුන් පැමිණ ඇති බවට මීට පෙර පර්යේෂකයින් පැවසුවා. එහෙත් මීට වසර 21,000 ත් 23,000 ත් අතර කාලයේදී මිනිසුන් අමෙරිකාවට පැමිණෙන්නට ඇති බවටයි දැන් විශ්වාස කෙරෙන්නේ.

මේ අතර අමෙරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් මුණගැසී තිබෙනවා. අමෙරිකානු ඉතිහාසයේ ඉහළම තනතුරකට පැමිණි ඉන්දීය සම්බවයක් ඇති පළමු කාන්තාව වන කමලා හැරිස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණු පළමු අවස්ථාව මෙයයි.
සිය තුන්දින සංචාරය නිම කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද මුණ ගැසීමටයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සූදානම් වන්නේ.