Saturday, April 20, 2024

General line - 0115112241

සංකුලතා සහිත දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ




විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර දරුවන් සඳහා එන්නත් ලබාදීම කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද උදෑසන ආරම්භවුණා. ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලදී ද මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනු ඇති. 

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශාමන් රජින්ද්‍රජිත් පැවසුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර ඕනෑම දරුවෙකුට එන්නත ලබාදෙන බවයි. 

එන්නත ලබා ගැනීමට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලියාපදිංචි විය යුතු බවට මුලින් දන්වා තිබුණද අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් පිළිබඳ සලකා රෝහලට පැමිණෙන ඕනෑම දරුවෙකුට එන්නත ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. අද ආරම්භ වූ එන්නත්කරණය පිළිබඳ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් පළ කළා.

මෙහිදී දරුවන්ට ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. එන්නත ලබාදෙන සෑම දරුවෙකුම ළමා හා කායික රෝග විශේෂඥ වෛද්‍ය අධීක්‍ෂණයට යටත්ව එන්නත් කිරීම සිදුකරනු ඇති. එන්නත්කරණය රෝහල තුළදී පමණක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.