Saturday, April 20, 2024

General line - 0115112241

මැලේසියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් යළි දොර අරී




ශ්‍රී ලංකාවට පනවා තිබුණු සංචාරක තහනම ඉවත් කිරීමට මැලේසියාව තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් මැලේසියාවේ සංචාරය කිරීමට හැකි වන්නේ එරට පදිංචි ශ්‍රී ලාංකිකයින්ට, දිගුකාලීන බලපත්‍ර හිමි පුද්ගලයින්ට, ආයෝජකයින්ට සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන පිරිස්වලට පමණයි. 

කෙසේ වෙතත් අධ්‍යාපනික කටයුතු සඳහා මැලේසියාවට පැමිණීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදාවන්නේ නැහැ. කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඉකුත් මැයි මස 05 වනදා සිට මැලේසියාව එම තහනම පනවා තිබුණා. මැලේසියවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති පැවසුවේ මෙලෙස පැමිණෙන සියලු සංචාරකයින් මැලේසියානු නිරෝධායන රෙගුලාසිවලට යටත් විය යුතු බවයි. 

ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශ, පාකිස්තාන හා නේපාල් ජාතිකයින්ට ද යළි මැලේසියාවේ සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.