පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධිත පනතට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව මිල නියාමනය කර ඇති භාණ්ඩ, වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් ලබා දෙන දඩ මුදල් සංශෝධනය වනු ඇති.
තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නම් රුපියල් 1,000 ක් ලෙස තිබූ අවම දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ද, පුද්ගලික සමාගමක් නම් රුපියල් 10,000 ක් ලෙස තිබූ අවම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් දක්වා ද නව සංශෝධනය මගින් වැඩි කර තිබෙනවා.
ඒ අනුව දැනට උපරිම සිල්ලර මිලක් පනවා ඇති සහල්, සීනි, ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් වැඩි මිලට අලෙවි කරනු ලැබුවහොත් නඩු පැවරීමකින් පසුව මෙම දඩ මුදල ද අධිකරණය මගින් නියම කළ හැකියි.