Wednesday, April 24, 2024

General line - 0115112241

අසාද් සාලි ඇප අයැදුම්පත ඉල්ලා අස්කරගනී




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරයා මහාධිකරණයේ ගොනු කර ඇති ඇප අයැදුම් පෙත්සමක් අද ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා. 

මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට අදාළවයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාද්සාලි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ. සිද්ධියට අදාළව අසාද් සාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින් මෙම ඇප අයැදුම ඉල්ලා අස්කර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසා සිටියා. 

මේ අතර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පවසා සිටියේ සැකකරුට එරෙහිව වෙනත් අධිකරණයක නඩු පවරා ඇති බැවින් තමාට මෙම ඇප පෙත්සම සලකා බැලීමට හැකියාවක් නොමැති බවයි. 

අසාද් සාලිට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව කොළඹ මහාධිකරණයේ  අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.