Tuesday, April 23, 2024

General line - 0115112241

සෞන්දර්්‍ය ප්‍රතිඵල නැති සිසුන් එක් ලක්ෂ 70,000 කට උසස් පෙළ වරම්




මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්්‍ය ප්‍රතිඵල නිකුත් වී නැති සිසුන් එක් ලක්ෂ 70,000 කට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අද අනාවරණ කෙරුණා. මේ, ඊට අදාල ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.

පාසල් යළි විවෘත කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් අද පැහැදිලි කළා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණි සහිත පාසල් 3,884 ක් මුල් අදියර යටතේ විවෘත කිරීමට නියමිත බවයි. පාසැල් විවෘත කිරීමට සූදානම් වුවද ගුරුවරුන්ගේ ගැටළුවට මෙතෙක් විසඳුමක් ලැබී නැහැ. ළමුන් පැමිණිය ද ගුරුවරුන් නොමැතිව පාසැල් පවත්වාගෙන යා හැකිද ?

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් පැවසුවේ තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12 ත් 15 ත් සහ අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩවල ළමුන් සඳහා එන්නත ලබාදෙන බවයි.