Tuesday, April 23, 2024

General line - 0115112241

තනතුරු නිසා පොර පිටියක් වූ අමාත්‍යාංශය




සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ තනතුරුවල ඇති මත ගැටුම් තවදුරටත් උග්‍රවී තිබෙනවා. නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා විශේෂාංගයෙන් ද අද අනාවරණ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ආයතනවල කටයුතු විෂය භාර අමාත්‍යවරයාට නොදන්වා ඒවායේ ප්‍රධානීන් සිදු කරගෙන යන බවටයි. 

මේ අතරතුර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ එම ආයතනයේ කටයුතු පිළිබඳ තමාටද නිසි අවබෝධයක් තිබිය යුතු බවයි. එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ ප්‍රධානීන් ඊට එකඟවී නොමැති බවද වාර්තා වනවා. ඔවුන් පවසා ඇත්තේ තමන් අදාළ තොරතුරු ලබාදී ඇත්තේ තම ආයතනය ගැසට් කර ඇති රාජ්‍ය අමාත්‍යංශය භාර රාජ්‍ය අමාත්‍යවරයාට බවයි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබි්‍රගෙන් ද පවතින නීතිමය රාමුව පිළිබඳ විමසා තිබෙනවා. එහිදී ප්‍රකාශවී ඇත්තේ සෞඛ්‍ය පනතට අනුව රාජ්‍ය අමාත්‍යංශයකට පවරා ඇති ආයතනයක වුවද විෂය භාර කැබිනට් අමාත්‍යවරයාට ඊට අදාළ බලතල පවතින බවයි.