Thursday, April 25, 2024

General line - 0115112241

වැරදියට කොණ්ඩය කැපූ ඉන්දීය රූපලාවන්‍යාගාරයකට ලක්ෂ 200 ක දඩයක්




ඉන්දීය නිරූපිකාවකගේ කොණ්ඩය වැරදි ලෙස කැපූ එරට රූපලාවන්‍යාගාරයකට ඉන්දිය රුපියල් මිලියන 20 ක දඩයක් ගෙවන ලෙස එරට පාරිභෝගික අධිකරණයක් නියෝග කර තිබෙනවා. නිරූපිකාව පවසා ඇත්තේ ඉතා දිග කොණ්ඩයක් හිමි තමාගේ කොණ්ඩය තම අභිමතයකින් තොරව ලබාදුන් උපදෙස්වලට පරිභාහිරව කපා දමා ඇති බවයි.

දිගු කොණ්ඩය හේතුවෙන් තමාට කේෂ ආලේපන නිෂ්පාදන සමාගම්වලින් ඉහළ ඉල්ලුමක් තිබූ බවත්, කොණ්ඩය කැපීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පවසා තිබෙනවා. අඟල් 04 ක් පමණක් ඉතිරිවන පරිදි ඇගේ දිගු කොණ්ඩයේ සෙසු කොටස් කපාදමා ඇති බවටයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ.