Friday, April 19, 2024

General line - 0115112241

සතොස සුදුළූණු සිදුවීමට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අධිකරණ වාර්තාකරු




ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ යැයි කියන චෝදනා මත අත් අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු සැප්තැම්බර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

වේලායුදම් ශ්‍රී ධරන් නම් වූ මෙම සැකකරු පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, තොරතුරු සැඟවීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ නිදහස් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුව වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මීට පෙර අවස්ථාවක සතොස මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සමඟ කන්ටේනර් දෙකක් නීති විරෝධී ලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.