Saturday, April 20, 2024

General line - 0115112241

කෙරවලපිටිය අර්බුදය රැගෙන විපක්ෂ මන්ත්‍රීවරුන් මහ නා හිමිවරු හමුවට




ආන්දෝලනයට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද මහනායක හිමිවරුන් දැනුවත් කළා. 

අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා ඒ පිළිබඳ වන සංදේශයක් සහ කැබිනට් පත්‍රිකාවේ පිටපතක් පිරිනැමුවා. 

මේ, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත අනුශාසනාවක් සිදුකළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන්. 

මහ නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් ද මීට පෙර කරුණු අනාවරණ කළා. 

මේ අතර කතාබහට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්.