Thursday, April 25, 2024

General line - 0115112241

සෑම දරුවෙකුටම උපතේදීම හැඳුනුම්පත් අංකයක් දෙන්න යෝජනාවක්




සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් තාක්ෂණික කමිටුව වෙත යෝජනා කර තිබෙනවා. 

දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට මෙම ක්‍රමවේදය ඉවහල් වනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.