Wednesday, April 24, 2024

General line - 0115112241

ඩොලර්වලින් බදු ගෙවන අයට වාහන ආනයනය සඳහා අවසර දීමට අවධානය




වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. 

එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි. 

අමෙරිකානු ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේවනවිටත් ඉදිරිපත් කර ඇති බවයි මහ බැංකුවේ අධිපතිවරයා සඳහන් කළේ.