Saturday, April 20, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට අදාළ විත්තිකරුවන් 24 දෙනෙකුට අධිචෝදනා




පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර වලට අදාළව නවුෆර් මව්ලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අධිචෝදනා භාර දෙන ලදී .

දැනට බන්ධනාගාර භාරයේ සිටින විත්තිකරුවන් අද දින  අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව දැඩි කර තිබුණා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත, විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැදවු අතර එය නොවැම්බර්  මස 23 දා යළි කැඳවීමට නියෝග කළා.

විත්තිකරුවන් 25දෙනා අතරින් එක් විත්තිකරුවකු පමණක් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකරන තිබුණා.

කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේදී අප්‍රේල් මස 21 දා එල්ල වූ බෝම්බ ප්‍රහාර අටක් සම්බන්ධයෙන් මෙම නඩු නීතිපතිවරයා විසින් ගොනු කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා  23,270 ක් නවුෆර් මව්ලවි,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මිනීමැරුම් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙනම නඩු දෙකක් පවරා තිබෙනවා.

මේ වන විට ඔවුන් දෙදෙනාට අධිකරණය විසින් අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.