Saturday, April 20, 2024

General line - 0115112241

නිලූක අද ඔලිම්පික් සටනට




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ නිලූක කරුණාරත්න සහභාගි වන බැඩ්මින්ටන් කේවල ඉසව්වේ පළමු තරගය අද (11) පැවැත්වෙනවා.

ඔහුගේ ප‍්‍රතිවාදියා වන්නේ බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයේ පසුවන චීනයේ චෙන් ලෝන්ග්. නිලූක කරුණාරත්න මේ වන විට බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 123 වැනි ස්ථානයේ පසුවනවා.

නිලූක කරුණාරත්න සමග අද තරග වදින චීන කී‍්‍රඩකයා ඉකුත් 2012 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළලේ පිරිමි බැඞ්මින්ටන් කේවල ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත් වුණා. නිලූක කරුණාරත්න ඉකුත් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළලේ දක්ෂතම කී‍්‍රඩකයින් දහසය දෙනාගේ වටයට පිවිසියේ ශී‍්‍ර ලංකා බැඞ්මිටන් ඉතිහාසය වෙනස් කරමින්.

අද තරගය සඳහා සිය සූදානම පිළිබඳ බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර සිට නිලූක කරුණාරත්න අදහස් දැක්වුවා. එහිදී ඔහු පැවසුවේ තරගය සඳහා තමා හොඳ මානසික තත්ත්වයකින් පසුවෙන බවයි. ජයග්‍රහණය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ඇති බවත් සඳහන් කළා.

‘පී’ කාණ්ඩය යටතේ නිලූක කරුණාරත්න සහභාගි වන පළමු තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 6.40 ට ආරම්භ වීමට නියමිතයි. ඔහු බැඞ්මින්ටන් කේවල ඉසව්වේ සහභාගි වන අනෙක් තරග දෙක 13 වැනිදා සහ 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

13987254_10210324725540837_865118040_o 13989460_10210324754181553_27277107_n