Friday, April 19, 2024

General line - 0115112241

ලිට්‍රෝ ගෑස් මිල නැවත අඩු කරයි : නව මිල ගණන් මෙන්න




ඊයේ රාත්‍රියේදී ඉහළ දැමු ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදුකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 75කින් ද, කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 14කින් අඩු කොට ඇත.

ඒ අනුව නව මිල ගණන වන්නේ :

කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක් රු.2675ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රු. 1071ක් 

කිලෝග්‍රෑම් 2.3 බර ගෑස් සිලින්ඩරයක මිල රු. 506ක් වේ.

ලිට්‍රෝ සමාගම විසින් ඊයේ රාත්‍රියේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ද, කිලෝග්‍රෑම් 5ක් බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක බරින් යුත් ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා.