Wednesday, April 24, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවකයින් ගැන රජයෙන් ගත් තීරණය




පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට ඉකුත් මාර්තු 23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණා.

වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.