Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පෙර පුහුණු තරඟයක් අද




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පෙර පුහුණු තරගයද අද අබුඩාහිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගය සදහා වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර බොහෝ විට ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.

කණ්ඩායම තුළ තමාට පැවරී ඇති කාර්යය සම්බන්ධයෙන් ද දිනේෂ් චන්දිමාල් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් ඉකුත් දා දැනුම් දී ඇත්තේ තමා ඉදිරි තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි.

තමන් ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙස ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.