Thursday, April 18, 2024

General line - 0115112241

අගමැතිගේ යෝජනාවත් ගුරුවරුන් අහක දමයි




පුරා මාස 03කට අධික කාලයක් පවතින ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අද දිනයේදී එම වෘත්තීය සමිති නිලධාරින් විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුවයි.

වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ජා අද දිනයේදී පැවතියා.

වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප, පළමු අදියර යටතේ  2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය තුළින් ද ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනු ලැබුවා.